%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
Tuesday, 23 April 2019 - 20:49
මියගිය පුද්ගලයන්ගේ ප්‍රධාන අවමංගල්‍ය උත්සවය කාදිනල් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් කටානේදී
20,506

Views
පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මියගිය පුද්ගලයන් රැසකගේ දේහයන් පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඉන් ප්‍රධාන අවමංගල්‍ය උත්සවය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් කටාන කටුවපිටිය - ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වුණා.

කටාන - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් රැසකගේ අවසන් කටයුතු අද එම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරුණා.

පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් පොදු දේව මෙහෙයක් පවත්වන්නට කටයුතු යොදා තිබුණත් ආරක්ෂක හේතූන් මත එය අවලංගු කරන්නට කටයුතු යොදා තිබුණා.

ඒ වෙනුවට වරින් වර රැගෙන එන මෘත දේහයන් සදහා වෙන් වෙන් වශයෙන් ආගමික වතාවත් සිදුකෙරුණා.

ඉන් එක් අවස්ථාවක ආගමික වතාවත් මෙහෙයවීම සිදුකෙරුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් කටුවපිටිය - ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වුණා.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top