Hirunews Logo
%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 25 April 2019 - 12:58
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්
30,034

Views
අනවශ්‍ය කටකතාවලට සහ සාවද්‍ය දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ නාලක කලුවැව මහතා වැඩිදුරටත් පවසන්නේ පවතින තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ මගින් ලබාදෙන බවයි.

පසුගිය 21 වනදා සිදුවූ ප්‍රහාරය හේතු කරගෙන ත්‍රස්තවාදී ක්‍රියාවන් මුලිනුපුටා දැමීම සඳහා රජය මේ වනවිට ත්‍රිවිධ හමුදාව ඇතුලූ පොලීසියට අවශ්‍ය බලතල පවරා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ලැබෙන තොරතුරුවලට අනුව පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා මාර්ග වසා තැබීමට පොලිසිය පියවර ගන්නා බවයි.

කොළඹ නගරයේ මෙන්ම ඉන් පිටත ද මෙවැනි පරීක්ෂා කිරීම් සිදු කිරීමට මාර්ග වසා තැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top