%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 25 April 2019 - 13:17
සිනමන් ග්‍රෑන්ඩ් මරාගෙන මැරෙන බෝම්බකරු පියා සමග ව්‍යාපාරික සම්මාන උළෙලේකදී සම්මානයකුත් ගෙන ඇති බවට හෙළිවෙයි
46,962

Views
පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඉල්හාම් ඉබ්‍රාහීම් ෂැන්ග්‍රිලා හෝටලය තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකල බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඉන්ශාෆ් ඉබ්‍රාහීම් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය ප්‍රහාරය සිදුකල බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මොවුන්ගේ ප්‍රහාරවලින් විදේශිකයන් 41 දෙනකු මරණයට පත් වුනු අතර ඊට බ්‍රිතාන්‍ය ජාතිකයන් අටදෙනකු ඇතුළත්.

ඉල්හාම් ඉබ්‍රාහීම් සහ ඉන්ශාෆ් ඉබ්‍රාහීම් දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයින් දෙදෙනෙක්.

එම ව්‍යාපාරිකයා, ව්‍යාපාරික සම්මාන උළෙලෙකදී සම්මානයට පාත්‍ර වී ඇති අතර එම සම්මානය ලබාගැනීමට අදාළ ව්‍යාපාරිකයා ගොස් ඇත්තේ ඉන්ශාෆ් ඉබ්‍රාහීම් නමැති මරාගෙන මැරෙන බෝම්බකරු සමගයි.

ඉන්ශාෆ් ඉබ්‍රාහීම් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ නමක් සදහන් කරමිනුයි.

එමෙන්ම ඔහු ව්‍යාපාර චාරිකාවක් යෑම සදහා පැමිණි බවත් හෝටලයට පවසා තිබෙන බවත් සදහන්.

ඔහු හෝටලයට ඇතුළු වී උදෑසන ආහාර ගනිමින් සිටි පිරිස දෙස විපරමින් බලා ආහාර ගැනීමට පුටුවකින් වාඩිවෙන සේ ඉදිරියට සහ පසුපසට අඩි කිහිපයක් ගොස් පසුව මිනිත්තු කිහිපයකින් බෝම්බය පුපුරුවාගෙන තිබෙනවා.ඒ උදෑසන 9.12 ට.

ඉල්හාම් ඉබ්‍රහීම් ෂැන්ග්‍රිලා හෝටලයට තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සමග ගොස් ඇත්තේ කිසිම තැතිගැනීමකින් තොරවයි.
   
එම දෙදෙනා විදුලි සෝපානය තුල යම් කතාබහක් කරගන්නා අතර පසුව ඔවුන් සෝපානයෙන් හොටලයේ තෙවැනි මහල වෙත පැමිණෙනවා.

ඒ අවස්ථාවේ බොහෝ පිරිසක් උදෑසන ආහාරගනිමින් සිටි අතර දෙදෙනා වෙන වෙනම ගොස් වැඩිපිරිසක් සිටින ස්ථානයක නතර වී බෝම්බ පුපුරා ගත් බවත් CCTV  කැමරාවල සටහන් වී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top