ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවෙකුගේ ලොරියක් වත්තලින් අල්ලයි

Thursday, 25 April 2019 - 19:23

%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වත්තල - නායක්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැක සහිත ලොරි රථය ෂැංග්‍රිලා හෝටලයට පැමිණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

WP- DAE 4197 දරන සැක සහිත ලොරි රථය අද නායක්කන්ද ප්‍රදේශයේ තිබියදී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ, කොටහේන පොලිසිය මඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු ලොරි රථයේ රියදුරු බවටද අනාවරණය වී ඇති අතර, ඔහු වැල්ලම්පිටිය - නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories