බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් රැසකගේ අවසන් කටයුතු අදත් සිදු කෙරේ

Thursday, 25 April 2019 - 20:00

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය තවත් පුද්ගලයින් රැසකගේ දේහ පිළිබද අවසන් කටයුතු අදත් සිදුකෙරුණා.

අප වාර්තාකරු සදහන් කළේ මීගමුව - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු දේහ මිහිදන් කළ බවයි.

අද දිනයේදීත් අවමංගල්‍යය කටයුතු සිදුකරන අවස්ථාවේදී ඒ අවට ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක් සපයා තිබුණා.

මේ අතර, බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නගේ සහ ඇයගේ දියණියගේ අවසන් කටයුතු ද අද සිදුකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories