බුර්කාව පැළඳීම ගැන විවිධ අදහස්

Thursday, 25 April 2019 - 20:40

%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
මුහුණ ආවරණය වන සේ බුර්කා පැළදීම මෙරට තහනම් කළ යුතු බවට මේ වනවිට සමාජය තුල දැඩි කථාබහක් මතුව තිබෙනවා.

බුර්කාවක් පැළ ද සැකකටයුතු ලෙස හැසිරුණු අයෙකු වත්තල මාර්ගයක ගමන් ගනිද්දී පෙරේදා සවස ප්‍රදේශවාසීන් විසින් පරීක්ෂා කිරීමේදී පිරිමි අයෙකු ලෙස බුර්කාවක් පැළඳ සිටින බවට හෙළි වී තිබුණා.

මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ මෙම පුද්ගලයා බුර්කාව පැළඳ මෙලෙස පැමිණ තිබුණේ ඔහුගේ අනියම් බිරිඳ හමුවීමට බවයි.

කෙසේ වෙතත්, වත්තල පොලිසියේ අත්අඩංගුවට පත් ඔහු පොලිසියේ ඉහලම නිලධාරියෙකුට ඇති ඥාති සම්බන්ධය මත වහාම නිදහස් කෙරුණා.

මේ අතර, පාතාල කල්ලි සාමාජිකයින් ද බුර්කාව පැළඳ විවිධ අපරාධවල නිරත වූ බව පසුගිය කාලයේ ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබුණා.

පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ මාමාස්මි නම් පුද්ගලයා ද බුර්කාව තුළ සැගවෙමින් විවිධ අපරාධවල නිරත වූ බවට ආරක්ෂක අංශ තොරතුරු තහවුරු කර ගත්තා.

බදුල්ල මහ රෝහලේදී අද පෙරවරුවේ බුර්කාවකින් සැරසී සිටි අයෙකු පරීක්ෂා කිරීමට යෑමේදී රෝහලේ සිටි පිරිස් නොසන්සුන් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories