Hirunews Logo
%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%94+78+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Wednesday, 15 May 2019 - 16:17
වයඹට සහ ගම්පහට අදත් රාත්‍රි හතේ සිට පොලිස් ඇඳිරි නීතිය - කළහකාරීව හැසිරුනු 78 ක් අත්අඩංගුවේ
15,387

Views
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද රාත්‍රී 7 සිට යළි පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

එය හෙට අලූයම 4 දක්වා ක්‍රියාත්මකයි.

ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගනේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්, ගම්පහ පොලිස් කොට්ඨාශයට අයත්.

කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද දිනයේදී කිසිදු පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර වයඹ පළාතේ සහ ගම්පහ පොලිස් කොට්ඨාශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

මේ අතර පසුගියදා ඇතිවූ සිද්ධින්වලට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් ¥ෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

එමෙන්ම ජාතික සමගියට හානිවන අයුරින් මත පළ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂවනි පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට අමතරව නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ද ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා.

මේ අතර නිකවැරටිය ප්‍රදේශයේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් 12 දෙනෙකු ද අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම කළකහාරී සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් 18 දෙනෙකු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර පසුගියදා මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්කාරී  සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අද මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණා.

කෙසේ වෙතත් හෙට දිනයේදීත් යළිත් ඔහුට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

මේ අතර ඔහු අද මිනුවන්ගොඩ නගරය හරහා පොලීසියට ගමන් කරන අවස්ථාවේදී ප්‍රදේශවාසියෙකු විසින් ඔහුට විරෝධය පළ කළා.  

එමෙන්ම මිනුවන්ගොඩ පසුගියදා ඇතිවූ සිද්ධීන් පිළිබඳව සොයාබැලීම සඳහා වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ඇතුලූ පිරිසක් අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

මේ අතර සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයට යටත් කර ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

එමෙන්ම කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා තිබෙනවා.

නුගේගොඩ පොලිස් අධිකාරි එල්.එස්.සිගේරා කුලියාපිටිය පොලීසියට මාරු කර යැවීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

එමෙන්ම, ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් අධිකාරි ඩබ්ලිව්.එම්.ඒ.ආර් ප්‍රනාන්දු නුගේගොඩ පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

එසේම කොච්චිකඬේ දේවස්ථානයේ සිදුවූ පිපිරීමට අදාළව සැකකරුවන් පැමිණි වෑන් රථය මිලදී ගැනීම සහ එහි ආසන සකස් කිරීමේ චෝදනා එල්ලවූ මොහොමඞ් ආදම්  නැමති පුද්ගලයා නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා.

පසුගිය අප්‍රේල් 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව පුද්ගලයින් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.  

මේ අතර බලපත්‍ර රහිතව ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පොලීසිය දැනුවත් කර  භාරදීම සඳහා ලබාදුන් කාලය ලබන 20 වන දින පෙරවරු 6 දක්වා දීර්ඝ කර තිබෙනවා. 



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top