%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
Wednesday, 15 May 2019 - 18:45
ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂ තීරණය ළඟදීම
1,682

Views
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවකට එළැඹෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සහ ජාතීන් අතර ගැටුම් මැඩපැවැත්වීමට නව නීති ගෙන ඒම සදහා රාජ්‍ය ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවලිය විපක්ෂ නායකවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.

රට ගැන සිතා වගකීම් ඉටු කිරීමට සියළු දෙනා බැඳී සිටිය යුතු බවයි ඊට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top