%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Wednesday, 15 May 2019 - 18:51
නව අගවිනිසුරු වැඩ අරඹයි
899

Views
නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා.

ඒ වෙනුවෙන් පැවති උත්සවයේදී ඔහු කියා සිටියේ ජනතා විශ්වාසය ලබාගැනීමට නම් නීතීඥ වෘත්තියට සම්බන්ධ සියලූ පාර්ශවයන් සැමවිටම අපක්ෂපාතී ලෙස කටයුතු කළ යුතු බවයි.

රටේ ජනතාව නීති පද්ධතිය පිළිබඳව තබා ඇති විශ්වාසය ආරක්ෂා කළ යුතු බවද ඔහු මෙහිදී කියා සිටියා.

නීතියේ ආධිපත්‍යයේ උසස්ම ස්ථානය ලෙස සැළකෙන ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි නව අගවිනිසුරුවරයා මෙම උත්සවයේදී සඳහන් කළේ.

එසේම එවැනි ආයතනයක ගෞරවය ආරක්ෂා කිරීම නීතීඥ වෘත්තියට සම්බන්ධ සියල්ලන්ගේම වගකීම බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top