Hirunews Logo
%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%3F+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Wednesday, 15 May 2019 - 18:53
ත්‍රස්ත ප්‍රහාරයට කිහිපදෙනෙකු ඉන්දියාවේ ? යුද හමුදාපති
6,005

Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන්ට සැපයුම් සහ තාක්ෂණික සහය ලබා දුන් බව කියන ශ්‍රී ලංකික මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය අද අනාවරණය කළා.

ආදිල් අමීස් නම් ඔහු අයි එස් සැකකරුවන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳ වසර 3 කට පෙර ඉන්දීය බුද්ධි අංශද විමර්ශන සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙම සැකකරු පසුගිය 25 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු වර්චුසා ආයතනයේ සේවයේ නිරතව සිටි අයෙක්.

පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 7 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනෙක් පැමිණ තිබුණා.

ෂැංග්‍රි - ලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් හෂීම් මොහොමඩ් සහරාන් නියෝජනය කළේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයයි.

ඔහු සමග හෝටලයේ අනෙක් පිපිරවීම සිදුකල ඉල්හම් ඊබ්‍රහිම් සහ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරය සිදුකළ ඉන්ෂාෆ් ඊබ්‍රහිම් සහෝදරයන් දෙපල ජමාතෛ මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයන්.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ ජාතික තවුහිද් ජමාත් සහ ජමාතෛ මිල්ලතු ඊබ්‍රහිම් සංවිධාන අතර සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ආදිල් අමීස් බව රොයිටර් පුවත් සේවය පවසනවා.

විසි හතරවන වියේ පසුවන ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය සහ පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත්තේ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වලින්.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ 2016 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ සැකකටයුතු අයි එස් ක්‍රියාකාරකම් පිලිබඳ අධිකරණයට වාර්තා කළ අවස්ථා දෙකකදී ආදිල් අමීස්ටද චෝදනා එල්ල කර ඇති බවයි.

එක් චෝදනා පත්‍රයක දැක්වුණේ අහමදාබාද්හි ප්‍රහාරයක් සඳහා සැලසුම් කල සැකකරුවන් දෙදෙනෙක් සමග ෆේස්බුක්, වට්ස්ඇප් හා ටෙලිග්‍රෑම් චැට් ඔස්සේ ආදිල් අමීස් සබඳතා පවත්වා ඇති බවයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් සහ තවත් සැකකරුවන් කිහිපදෙනෙක් කේරලයේ කොචි සහ තමිල්නාඩුවේ කොයිම්බතූර් හි සංචාරය කර ඇති බවද හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉන්දියා ටුඩේ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ඉන්දියාව සමග පවත්වා ඇති සම්බන්ධතා පිළිබඳ තොරතුරු අනාවරණය කළා.

අන්තවාදීන් සමඟ සබඳතා පවත්වා ගැනීමේ අරමුණින්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිහිප දෙනෙකු ඉන්දියාවට යන්නට ඇති බවයි ඔහු එහිදී කියාසිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top