%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Wednesday, 15 May 2019 - 21:42
ශ්‍රී ලංකා ජනපති සහ චීන අගමැති අතර හමුවක්
777

Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) අතර හමුවක් අද (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්වුනා.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ සිය කනගාටුව ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා - චීන ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ කරුණු පිළිබඳ තමාගේ ද දැඩි අවධානයක් යොමුව ඇති අතර ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට චීනයෙන් ලබාදිය හැකි සහයෝගය සියලූ ආකාරයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බව චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.  

ජනාධිපතිවරු දෙපළ සාකච්ඡා කළ පරිදි, ත්‍රස්තවාදී කටයුතු සඳහා අන්තර්ජාලය යොදාගැනීම පාලනය කිරීමට චීන ආධාර ලබාදීම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතුවලට රුපියල් කෝට් 260ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීම, පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු සහයෝගීතා වෙනුවෙන් චීන රජය වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්තූතිය පළ කර තිබෙනවා.

මිත්‍රශීලී සියලූ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකා මාතෘභූමිය නිදහස් මෙන්ම සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

මේ අතර දෙරටට අදාළ ආර්ථික සහ සංවර්ධන කරුණු රැසක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා වී තිබෙනවා.
 
ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදනවලට චීනයේ ඉල්ලූමක් පවතින අතර, ඒ සදහා හොද වෙළෙදපොළක් නිර්මාණය කර දීමට හැකියාව පවතින බවත් චීන අග්‍රාමාත්‍යවරයා සදහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top