%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%91+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 16 May 2019 - 8:26
විදුළි කාන්දුවකින් වත්තල මාබෝල නිවාස 4 ක් මහ රෑ අළුගොඩක් වෙයි
18,287

Views
වත්තල මාබෝල දූවවත්ත ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශවී තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර නිවෙස්වල ඇතිකළ එළුවන් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගින්න ඇතිවූ අවස්ථාවේ කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් රථ 2 ක් සහ නාවික හමුදාවට අයත් රථයක් යොදාගෙන ගින්න මැඩපැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම නිවාස ලෑලි නිවාස වන අතර ගින්න සීඝ්‍රයෙන් පැතිරයාමට එය හේතුවී ඇති බවටයි සැකපළකරන්නේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකපළකරන අතර වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරා තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top