%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%9F%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 16 May 2019 - 18:16
හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටෙයි
1,340

Views
අමරිකාවේ නිව්යෝක් නුවර ආසන්න ප්‍රදේශයකදී ගොඩබැස්වීමට සූදානම් වූ හෙලිකොප්ටර් යානයක් ගඟකට කඩා වැටී තිබෙනවා.

අනතුරින් නියමුවා දිවි බේරාගෙන ඇති අතර ඔහු සුලු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ අදාළ නියමුවා පමණක් බව සඳහන්.

කෙසේවෙතත් හෙලිකොප්ටර් යානයේ කැබලි විසිවීමෙන් ගොඩබස්වන ස්ථානයේ සිටි සේවකයෙකු තුවාල ලබා තිබෙනවා.

බෙල් 206 වර්ගයේ යානයක් වන මෙය ගොඩබස්වන ස්ථානයට නිසි ලෙස ගොඩබැස්වීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ. 

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top