Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 18 May 2019 - 19:27
ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව ගෝඨාභය යළි කියයි
3,232

Views
ඉදිරි ජනාධිපතිවරණයට තමා අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි තහවුරු කළා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග වදින බව පළමු වරට ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දින 6 කට පසුවයි.

අල්ජසීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා තමා තීරණයකට එළඹුණේ බොහෝ කලකට පෙර බවයි.

එසේ නොවේ නම්, තමාගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.

කෙසේ වෙතත්, අල්ජසීරා වාර්තාවේ දැක්වෙන්නේ මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූවන්ගේ නිල නාම ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොතිබූ බවයි.

එම නිල නාම ලේඛණයෙන් ආවරණය කෙරෙන්නේ 2019 වසරේ පළමු මාස තුන ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළ හෝ අහෝසි කළ පුද්ගලයින්ගේ තොරතුරුයි.  

රටේ මතු වී ඇති ආරක්ෂක වාතාවරණය තමන්ට ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාවක් සලසන්නේ දැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මැතිවරණය නොව රට සහ ජාතියට සිදුවන විනාශය පිළිබදව තමන් අවධානය යොමුකරන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top