ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අදයි

Sunday, 19 May 2019 - 8:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
අදියර 7කින් පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙන අතර, එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලබා සිටින පිරිස කෝටි 10 කට අධිකයි.

එහිදී ප්‍රාන්ත සහ විශේෂිත ප්‍රදේශ 8ක ආසන 59ක් සඳහා අපේක්ෂකයන් 912 ක් තරග වදිනවා.  

පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, බෙංගාලය, මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්තවල ඒ සඳහා 112,000ක් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව සඳහන්.

වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පැවැත්වෙන මැතිවරණයේදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරණාසි ආසනය සඳහා තරග වදිනවා.

අද පැවැත්වෙන හත්වන අදියරත් සමඟ ඉන්දීය ලෝක් සභාව හෙවත් පාර්ලිමේන්තුවේ  ආසන 543 ක් සඳහා ඡන්ද විමසීම් අවසන් වන අතර, අවසන් ප්‍රතිඵල මැයි 23 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories