යුද අවදානමක් නොමැති බව ඉරාන විදේශ ඇමති කියයි

Sunday, 19 May 2019 - 10:10

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නුදුරේදී යුද්ධයක් හටගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරිෆ් ප්‍රකාශ කළා.

චීනයේ සංචාරයකින් අනතුරුව අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද යුද්ධයක් අවශ්‍ය නොවන බවයි.

එහෙත් ඔහු වටා සිටින පුද්ගලයන් ඇමරිකාව, ඉරානයට එරෙහිව ශක්තිමත් කරන බව පවසමින් යුද්ධයකට පොළඹවන බව ඉරාන විදේශ ඇමතිවරයා කියා සිටියා.

ඇමරිකාව පසුගියදා ගල්ෆ් කලාපයට යුද නැව් සහ ප්‍රහාරක යානා යැවූ අතර, ඒ නිසා හෝම්ස් සමුද්‍රසන්ධිය මුවදොර සිටින ඉරානය සහ ඇමරිකාව අතර දැන් පවතින්නේ දැඩි උණුසුම් වාතාවරණයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories