%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 19 May 2019 - 10:48
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට
2,312

Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳූගහහැතැක්ම පිවිසුම ආසන්නයේදී සිදුවු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ සවස වෑන් රථයක් සහ ලොරියක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරා බව සඳහන්.

ඔහු කලුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාලකරුවන් ඇල්පිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාල ලැබුවන් ද කලුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ආගමික වැඩසටහනකට සහභාගී වී යළි නිවෙස් වෙත යමින් සිටියදීයි අනතුර සිදුවී ඇත්තේ.

සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top