හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත් ගැන පරීක්ෂණ කරන්නැයි නීතිපති CID යට දන්වයි

Sunday, 19 May 2019 - 12:31

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+CID+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව දැනුවත්ව සිටියද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම විමර්ශනයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමටද නියමිත බවයි වාර්තාවන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ අතර, පරීක්ෂණ අවසන් වනතෙක් පොලිස්පති පූජිත් ජයසුන්දර  අනිවාර්ය නිවාඩු යැවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories