බීමතින් පැමිණ විහාරාධිපති හිමියන්ට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Sunday, 19 May 2019 - 16:01

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බීමතින් පැමිණ විහාරාධිපති හිමියන්ට තියුණු ආයුධයකින් පහර දී පළා ගිය පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ රාජාංගණය - යාය දෙක - දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාමන්කඩවල ධම්මසිරි හිමියන්ටයි.

වෙසක් පුන් පොහෝ දින රාත්‍රී කාලයේදී මෙම පුද්ගලයා බීමතින් විහාරස්ථානයට පැමිණ ධාතු මන්දිරය විවෘත කරන ලෙසට විහාරාධිපති හිමියන්ට දැනුම් දී තිබෙනවා.

විහාරාධිපති හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව එම පුද්ගලයා නිවසට ගොස් යළි විහාරස්ථානය වෙත පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් පසුව ප්‍රදේශය අතහැර පළා ගොස් සිටි සැකකරු, පොලීසියට අත්අඩංගුවට ගනු ලැබුවේ අද උදෑසනයි.

පහරදීමෙන් තුවාල ලැබූ විහාරාධිපති හිමියන් රාජාංගණය - යාය - 5 රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories