ගබ්සාව ගැන ට්‍රම්ප් සිය ස්ථාවරය පැහැදිලි කරයි

Sunday, 19 May 2019 - 16:05

%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගබ්සාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

ට්විටර් සටහනක් නිකුත් කරමින් ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ස්ත්‍රී දූෂණ සිද්ධීන්, විවාහයට පෙර දරුවන් ලැබීම හෝ මවගේ සෞඛ්‍යයට තර්ජන පවතින අවස්ථාවල හැර සෙසු ගබ්සාවන්ට තමන් දැඩි ලෙස විරුද්ධ බවයි.

එමෙන්ම එය හිටපු ජනාධිපතිවරයෙකු වන රොනල්ඞ් රේගන්ගේ ස්ථාවරයට සමාන බවත් ඔහු සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක ගබ්සාවට අදාළ නව නීති සම්මත කෙරුණු අතර ඊට ආසන්නතම සිදුවීම පසුගිය දා ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වුණා.

ඒ, සියළු ආකාරයේ ගබ්සාවන් තහනම් කරමින් ඇලබාමා ප්‍රාන්තය නව නීතියක් සම්මත කර ගැනීමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories