ගිනි අවි නීති දැඩි කිරීමට ස්විට්සර්ලන්ත ජනතාවගේ සහය

Monday, 20 May 2019 - 11:07

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
යුරෝපා සංගමයේ නියමයන්ට අනුකූලව ගිනි අවි සඳහා පවත්නා නීති දැඩි කිරීමට ස්විට්සර්ලන්ත රජය ගත් තීරණයට එරට ජනතාවගේ සහය හිමිව තිබෙනවා.

ස්වයංක්‍රිය සහ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි සඳහා දැඩි සීමාවන් පැනවීමට අදාළව ඊයේ එරට ජන මත විචාරණයක් පැවැත්වුණා.

එහිදී ජනතාවගෙන් සියයට 64 ක ප්‍රතිශතයක් මෙම තීරණයට සහය පළ කර තිබෙනවා.

නිවෙස්වලින් සියයට 48 ක ගිනි අවියක් පවතින අතර, යුරෝපයේ පෞද්ගලික ගිනි අවි පරිහරණය වැඩිම රට ලෙස සැලකෙන්නේ ස්විට්සර්ලන්තයයි.

ස්විට්ර්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජිකයෙකු නොවන අතර, 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අවිආයුධ සඳහා පවතින නීති දැඩි කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories