Hirunews Logo
%27HUAWEI%27+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%27%E0%B6%BA%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8A%27+%27%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%27+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 20 May 2019 - 15:57
'HUAWEI' ජංගම දුරකථන සඳහා 'යූටියුබ්' 'ගූගල් මැප්ස්' ඇතුළු ගූගල් සේවාවන් අහිමි වෙයි
16,646

Views
ලොව දෙවන විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයින් වන 'HUAWEI' සමාගම සමඟ ගණුදෙනු කිරීම අත්හිටුවන්නට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනයේ නව නීති රෙගුලාසි.

මේ අනුව, ඉදිරියේදී නිෂ්පාදනය වන 'HUAWEI' දුරකථන සඳහා ගූගල් ආයතනය විසින් ලබාදෙන ඇතැම් සේවාවන් ලබා ගැනීමට හැකිවන්නේ නැහැ.

මේ අනුව, 'ගූගල් මැප්ස්', 'යූටියුබ්' වැනි ප්‍රමූඛ සේවාවන් නව 'HUAWEI' දුරකථන සඳහා භාවිතා කිරීමට හැකිවන්නේ නැහැ.

එමෙන්ම, ගූගල් සමාගම, 'HUAWEI' සමාගම සමඟ සිදු කරන මෘදුකාංග සේවාවන් හෝ තාක්ෂණික සේවාවන් සිදු කිරීම ද නවතා දමනු ඇති.

මේ සිදුවීමත් සමඟ ඉදිරියේදී 'HUAWEI' දුරකථන සඳහා සීමිත පහසුකම් ප්‍රමාණයක් හිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැනට භාවිතා කරන 'HUAWEI' දුරකථන සඳහා භාවිතා කරන‍ 'ගූගල් ඇප්ස්' අවලංගු නොවන අතර එම 'ඇප්ස්' යාවත්කාලීන (update) කිරීමේ හැකියාව මේ තත්ත්වයත් සමඟ අහිමි වනවා.

කෙසේ වෙතත්, Google play Store පහසුකම තවදුරටත් 'HUAWEI' දුරකථන සඳහා හිමිවන බවයි 'ගූගල්' සමාගම පවසන්නේ.

'HUAWEI' සමාගම 'ඇන්ඩ්‍රොයිඩ්' දුරකථන නිෂ්පාදනයෙන් දෙවැනි වන්නේ 'සැම්සුන්' සමාගමට පමණයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top