මෝදි යළි එන බවට අනාවැකියෙන්, ඉන්දීය කොටස් වෙළඳපොල ඉහළට

Monday, 20 May 2019 - 16:05

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අදියර 7 කින් පැවති ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමෙන් පසු, වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය යළි බලයට පත්වනු ඇතැයි පළ වන මත සමීක්ෂණ අනාවැකි හේතුවෙන් ඉන්දීය කොටස් වෙළඳපොල අද කැපී පෙනෙන ලෙස ඉහළ ගියා.

එහිදී සනෙක්ස් ප්‍රධාන කොටස් දර්ශකය ඒකක 1400 කින් පමණ ඉහළ ගොස් 39,300 ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 4 කට ආසන්න වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා සිදුකෙරෙන අතර, විපක්ෂයේ දේශපාලනඥයන් කියා සිටියේ මෝදි දිනන බවට පළ වන මත සමීක්ෂණ පිළිගත නොහැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories