යුද්ධය ඉරානයේ අවසානය වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්

Monday, 20 May 2019 - 17:37

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාව සමඟ යුද්ධයකට පැටලීම ඉරානයේ අවසානය වනු ඇති බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇගවීමක් කළා.

සුපුරුදු ලෙස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඉරානයට සටන් කිරීමට අවශ්‍ය නම් එය ඔවුන්ගේ නිළ අවසානය වන අතර, ඇමරිකාවට නැවතත් තර්ජනයක් එල්ල නොවන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු යුද නෞකා සහ ප්‍රහාරක යානා ගල්ෆ් කලාපයට යැවීමෙන් ඉරානය සහ ඇමරිකාව අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් පැන නැගී තිබියදියි.

ඉරානය සහ මහබලවතුන් අතර, ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූ ට්‍රම්ප් පරිපාලනය මේ වන විට ඉරානයට එරෙහි සම්බාධක ද දැඩි කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories