මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන නඩුවේ දෙවන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Tuesday, 21 May 2019 - 14:41

%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවන විත්තිකරු වන උමාර් හබ්තාබ් නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදී තිබෙනවා.

ඊට අදාළ තීන්දුව ලබාදුන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති විසින්.

ගොනුකර තිබූ අධිචෝදනා 48 න් 31 කට වරදකරු සැකකරු වරදකරු බවයි විනිසුරුවරිය තීන්දු කළේ.

ඒ අනුව පළමු චෝදනා තුන සඳහා විත්තිකරුට වසර විස්ස බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක සිර දඩුවමක් නියම කළ විනිසුරුවරිය එම දඩුවම් කාලය වෙන්  වෙන් වශයෙන් ගෙවී යා යුතු බවටද නියෝග කළා.

ඊට අමතරව 4 වන චෝදනාවේ සිට 31 වන චෝදනාව දක්වා විත්තිකරු වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරිය එම සියලූ චෝදනාවන්ට විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරද`ඩුවම් නියම කිරිමටයි පියවර ගත්තේ.

එමෙන්ම විත්තිකරුට අයත් සියලූ දේපළ රාජසන්තක කිරිමටද විනිසුරුවරිය නියෝග කළා.

ජානක පෙරේරා ඇතුලූ 31 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මැදවච්චිය - මහසියඹලාගස්කඩ පදිංචි මෙම සැකකරු වසර 5 කට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඞ් භාරයේ පසුවුණා.

මෙම සිද්ධියට අදාළව ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයෙකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණය මීට පෙර නියම කළා.

2008 වසරේ ඔක්තෝම්බර් මස 6 වනදා අනුරාධපුරයේදී එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුලූ 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories