%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
Tuesday, 21 May 2019 - 16:20
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයා යළි පාර්ලිමේන්තු සංකීර්ණයට
15,337

Views
අයි.එස්.ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික ජමල්ඩීන් නෞෂාඩ් පරීක්ෂණ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැඟෙනවිත් තිබෙනවා.

අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේදීයි.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ ජමල්ඩීන් නෞෂාඩ් නැමැති 44 හැවිරිදි මෙම පුද්ගලයා තව්හිද් ජමාත් සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

ජමාල්ඩීන් නෞෂාඩ් නම් මෙම සැකකරු වසර 12 ක පමණ කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කර තිබෙනවා.

සුචිගත කිරීමේ නිලධාරියෙක් වූ ඔහුට පැවරී තිබූ රාජකාරිය වූයේ පාර්ලිමේන්තු විවාද වලදී පලකරන අදහස් සම්මත මාතෘකාවලට අනුව බෙදා වෙන් කිරීමයි.

අලවතුගොඩ, මාවතුපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජමාල්ඩීන් නෞෂාඩ් නැමති සැකකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව මූළික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කර ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු නියමිත පරිදි සේවයට පැමිණ නොමැති බවද වාර්තා වනවා.

හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර ලබාදී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top