පාසල් සිසුන්ට විනිවිද පෙනෙන බෑග් අනිවාර්ය නැහැ

Wednesday, 22 May 2019 - 19:13

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
විනිවිද පෙනෙන පාසල් බෑග් පමණක් රැගෙන එන ලෙස සිසුන්ට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බැවින් මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවයි.

මාවනැල්ල මයුරපාද විද්‍යාලයට ඊයේ පැමිණි සිසුන් දැඩි අපහසුතාවට පත්වුණේ විනිවිද පෙනෙන බෑග් නොමැති සිසුන්ට පොත්පත් අතට ගෙන පාසලට ඇතුලූවන ලෙස එහි බලධාරීන් ප්‍රකාශ කිරීම හේතුවෙන්.

එහිදී ඇතැම් දරුවන් හඩා වැටෙන අයුරුද දක්නට ලැබුණා.

මේ අතර මෙම සිද්ධීය සම්බන්ධයෙන් සොයා බලන ලෙස සහ විනිවිද පෙනෙන බෑග් පමණක් පාසලට රැගෙන ඒමේ තීරණය අත්හිටුවන ලෙස ලංකා ගුරු සංගමය ද සබරගමුව පළාත් ආණ්ඩුකාරවයාගෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories