මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳ පාසල් ප්‍රධානීන්ට ලිපියක්

Thursday, 23 May 2019 - 14:49

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුහුණු ආවරණ සහිත ඇඳුම් සහ ආරක්ෂිත හිස් ආවරණ පැළඳ පාසලට කිසිවෙකු හෝ ඇතුලුවීම පිළිබඳ සිදුවීමකදී පාසල් ප්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳ විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයාට මෙම උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම හේතුවෙන් මුහුණු ආවරණ කරගෙන ඇතැම්  පුද්ගලයන් පාසලට පැමිණීම මෙන්ම ඇතැම් ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම හේතුවෙන් ද පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්වයන් මතුව තිබුනා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එවැනි සිද්ධියකදී පාසල් ප්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය සහ පාසල්වලට ඇතුලුවීමේදී මුහුණ ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුලත්වයි අදාළ විශේෂ ලිපිය නිකුත් කෙරෙන්නේ.

පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනවල දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතවයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් සහිතව එම විශේෂ ලිපිය පාසල් ප්‍රධානීන්ට යොමුකර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories