ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ මෝදිට, ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

Friday, 24 May 2019 - 8:07

%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
තවත් පස් වසරක් ඉන්දියාව පාලනය කිරීම සඳහා තමාට වරම් ලබාදුන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ස්තූතිය පළ කළා.

 විජයග්‍රහණයෙන් පසු ඔහු කියා සිටියේ තම සිරුරේ සෑම සෛලයක්ම ජාතිය වෙනුවෙන් කැප කරන බවයි.

මැතිවරණයේ අවසන් නිළ ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත් නොවූවද නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානය ආසන 542කින් යුත් ඉන්දීය ලෝක් සභාවේ ආසන 350ක් ජයග්‍රහණය කර තිබෙනවා.

කොංග්‍රස් පක්ෂය 2014 මැතිවරණයට වඩා ආසන 27ක් හිමි කර ගනිමින් ආසන 92ක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රාදේශීය පක්ෂ ඇතුළු අනෙකුත් පක්ෂවලට හිමිව ඇති ආසන සංඛ්‍යාව 100ක්.

මෙම දැවැන්ත ජයග්‍රහණය විශාල වර්ධනයක් ලෙස හැදින්වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දු - ඇමරිකානු සබදතා එමගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

අග්‍රාමාත්‍ය මෝදි සමඟ තවදුරටත් එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනපති ට්‍රම්ප් සදහන් කළා.

නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයට සුබ පැතීම සදහා මුලින්ම දුරකථන ඇමතුම් ලබාදුන් නායකයෙකු වූයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්. චීන ජනාධිපති ෂී - ජින්පින් ද අග්‍රාමාත්‍ය මෝදිගේ ජයග්‍රහණයට සුබ පතමින් කියා සිටියේ එමගින් ඉන්දු - චීන සබදතා නව මානයකට පැමිණෙනු ඇති බවයි.

චීනය සහ ඉන්දියාව බහුවිධ ලෝකයේ වැදගත් රටවල් දෙකක් වන බව ද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories