පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තොරතුරු දෙන්නැයි ජනතාවට ඉල්ලීමක්

Saturday, 25 May 2019 - 12:35

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තොරතුරු ලබාදෙන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම තොරතුරු අදාළ කාරක සභාවේ ලේකම්වරයා වෙත ලබන මස 7 වන දා හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමේ හැකියාව ජනතාවට පවතින බවයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 23 වන දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ කරනු ලැබුවා.

එම ප්‍රහාරවලට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුණේ ද යන්න සහ එවැනි ප්‍රහාර වැළැක්වීමට හෝ අවම කිරීමට අදාළ බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් එහිදී සොයා බැලෙනු ඇති.

එමෙන්ම, එවැනි ප්‍රහාරවල බලපෑම වැළැක්වීමට හෝ අවම කිරීමට නොහැකිවීමට පාදක වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු පැවතියේ ද යන්න ඇතුළු කරුණු රැසක් පිළිබදව මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සොයා බලන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories