කුරුණෑගල වෛද්‍යවරයා ගැන තවත් තොරතුරු හෙළිවෙයි

Saturday, 25 May 2019 - 18:34

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සැකසහිත ආකාරයට වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිදරව් වී තිබෙනවා.

ඒ අනුව ඔහු  රදවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබාගැනීමටද පොලීසිය අපේක්ෂා කරනවා.

සිසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේද මෙම වෛද්‍යවරයාට බව පැවසෙනවා.

අදාළ වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද සොයා බැලීමට සහ ඔහු වත්කම් උපයාගත් ආකාරය පිළිබදව සොයා බැලීමටයි සැකකරු ඊයේ රාත්‍රියේ කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ.

අවුරුදු 42ක් වන සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් ඔහු කුරුණෑගල - නුවර පාරේ වීරසිංහ මාවතේ පදිංචිකරුවෙක්.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4,000 ක් වඳ භාවයට පත් කළ වෛද්‍යවරයෙකු පිළිබඳව ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර, එම පුවත්පතම අද සිය පුවත යළි තහවුරු කරමින් වාර්තා කළේ තමන් චෝදනාව එල්ල කළේ සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් මෙම වෛද්‍යවරයාට බවයි.

වෛද්‍ය සාෆි ෂිහබ්දීන් වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකවලට අනුයුක්තව සේවය කර තිබෙනවා.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඔහු මීට පෙර සේවය කර ඇත්තේ ගලේවෙල සහ දඹුල්ල යන මූලික රෝහල්වලයි.

මොහු, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා.

එම මැතිවරණයට පෙර වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තමන් පැය දෙකක කාලයක් තුළ සිසේරියන් සැත්කම් 8 ක් සිදුකර ඇති බවයි.

එසේම තමන් සිසේරියන් සැත්කම් 8,000 ක් සිදුකර ඇති බවද ඔහු එහිදී තහවුරු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් වෛද්‍ය ශාෆි ශිහාබ්දීන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර අද මාධ්‍ය හමුවක් කැඳවමින්  කියා සිටියේ මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8,000 ක් පමණ සිදුකර ඇති බවයි.

ඔහු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට යොමු කිරීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories