Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Saturday, 25 May 2019 - 19:56
ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 24ක් අත්අඩංගුවට
5,212

Views
ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අධීක්ෂණය යටතේ යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදි සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාව සඳහන් කළේ ඊයේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි.

එහිදී මාදම්පේ  සහ දුම්මලසූරිය ප්‍රදේශවලදී පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ඡායාරූප සහ සී ඩී තැටි ළඟ තබාගැනිමේ චෝදනාවටයි. එසේම එඩේරමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විදේශ ගමන් බලපත්‍ර රැසක් ළඟ තබාගැනීම හේතුවෙන්.

මත්තේගොඩ, මාකුඹුර සහ කහතුඩුව ප්‍රදේශවලදී යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමක් ළඟ තබාගෙන සිටි සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම්වලදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි යුද හමුදාව සඳහන් කළේ.

මේ අතර අලූත්ගම ප්‍රදේශයේ ඊයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තරුණයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතීන් අතර අසමගිය පැතිර යන ආකාරයේ ප්‍රකාශ සඳහන්ව තිබූ ජංගම දුරකථනයක්, එක් සැකකරුවෙකු සතුව තිබීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අනෙක් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top