ජපාන විදුලි දුම්රියෙන් නව වාර්තාවක්

Sunday, 26 May 2019 - 7:57

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට පෙර හඳුන්වාදීමට නියමිත ජපානයේ නවතම විදුලි දුම්රිය ඊයේ නව වේග වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

ඒ, පැයට කිලෝමීටර 360 ක වේගයක් වාර්තා කරමින්.

ජපානයේ ජනාකීර්ණ ප්‍රදේශ යා කරමින් දශකයකට අධික කාලයක් තිස්සේ දිවෙන විදුලි දුම්රිය නව දුම්රිය මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නියමිතයි.

නව දුම්රිය මාදිලිය බරින් අඩුවන අතර, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිත කළ හැකිවන පරිදි සකස් කර තිබෙනවා.

භූ කම්පනවලට ඔරොත්තුදීමේ වැඩි හැකියාවක් නව ජපාන විදුලි දුම්රිය මාදිලිය සතුවීමද විශේෂත්වයක්.

ජපානයට විදුලි දුම්රිය හඳුන්වා දෙනු ලැබුවේ 1964 වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගාමීවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories