Hirunews Logo
%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 26 May 2019 - 8:54
නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනපති හමුවෙයි
171

Views
පසුගියදා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ නරේන්ද්‍ර මෝදි ඊයේ ජනාධිපති රාම්නාත් කෝවින්ද් මුණගැසී තිබෙනවා.

ඒ, මැතිවරණයේ ප්‍රතිඵලය අනුව නව රජයක් පිහිටුවීමට සූදානම් බව ඔහු වෙත දැනුම්දීමටයි.

භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා ප්‍රධාන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නියෝජිතයන් පිරිසක්ද ඉන්දීය ජනාධිපතිවරයා ඊයේ මුණගැසී තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නරේන්ද්‍ර මෝදිගේ අග්‍රාමාත්‍ය ධුරයට තමන් සහය පළ කරන බවයි.

ඉන් අනතුරුව නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබූ බව ඉන්දීය ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මේ වනවිට ප්‍රකාශයට පත් වී ඇති අතර, භාරතීය ජනතා පක්ෂ සන්ධානය ආසන 543 කින් යුත් ඉන්දීය ලෝක් සභාවේ ආසන 352 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

කොංග්‍රස් සන්ධානය ආසන 91 ක් හිමිකරගෙන ඇති අතර, ප්‍රාදේශීය පක්ෂ ඇතුලූ අනෙකුත් පක්ෂ හිමිකරගෙන ඇති ආසන සංඛ්‍යාව 99 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top