%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
Sunday, 26 May 2019 - 10:20
පාප්වහන්සේ ගබ්සාව හෙළා දකී
312

Views
නූපන් ජීවිතයකට ආලෝකය දැකීම වළක්වන ගබ්සාව කිසිසේත් පිළිගත නොහැකි අතර, එය ඝාතකයෙකු කුළියට ගැනීමට වැඩි සිද්ධියක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා.

ගැටළු විසඳීම සඳහා මිනිස් ජීවිත නැති කිරීම, නීත්‍යානුකූල වන්නේදැයි වතිකානුවේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී පාප්වහන්සේ විමසා සිටියා.

නූපන් බිළිඳා දරුණු රෝගාබාධයකට ලක්ව ඇති බව හඳුනාගත් අවස්ථාවකදී හැර ගබ්සා සිදුකිරිම පිළිගත නොහැකි බව උන්වහන්සේගේ අදහසයි.

කිසිදු මිනිස් ජීවිතයක් තවත් ජීවිතයකට සම කළ නොහැකියි. සෑම දරුවෙකුම දායාදයක් වන අතර, ඔහු හෝ ඇය පිළිගෙන ආදරය දක්වා වර්ධනය කිරීමේදී පවුලේ ඉතිහාසය වෙනස් කරනු ඇති බව පාප්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top