%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 26 May 2019 - 12:53
කලාපීය යුද්ධයක් ගැන ඉම්රාන් ඛාන්ගෙන් අනතුරු ඇඟවීමක්
815

Views
ගල්ෆ් කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ යුද්ධයක් පැන නැගීමේ අවදානමක් පවතින බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉස්ලාමාබාද් නුවරට පැමිණි ඉරාන විදේශ අමාත්‍ය ජාවඩ් සරිෆ් සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුවයි.

ඉරානයේ කලාපීය පසමිතුරා වන සෞදි අරාබියේ ප්‍රධාන සහයකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ඇමරිකාව සහ ඉරානය අතර පැන නැගී ඇති අර්බුදය තවදුරටත් වර්ධනය වීම කිසිවෙකු අපේක්ෂා නොකරන තත්වයක්.

එමෙන්ම යුද්ධය  ඕනෑම ගැටළුවකට විසඳුම නොවන බවත් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top