වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් අට දෙනෙකු රෝහලේ - ගැබිණි කතකට සිසේරියන් සැත්කමක්

Monday, 27 May 2019 - 10:17

%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජා ඇල,දකුණු නිවන්දම, වේවැල්ගාරය ප්‍රදේශයේදී ඊයේ (26) වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

මෙම වෑන් රථය වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් වෑන් රථයේ රියදුරුගේ පාදයක් බිඳී ගොස් ඇති අතර ඔහුගේ ගැබිණි බිරිඳ ද අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

ඒ හේතුවෙන් සිසේරියන් සැත්කමකට භාජනය කර ඇයගේ දරුවා බිහි කිරීමට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තුවාල ලැබූ අටදෙනා රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර ජා ඇළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories