%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 11 June 2019 - 11:07
වත්කම් හෙළි කිරීම සඳහා අගමැති ඉම්රාන් ඛාන්ගෙන් පාකිස්තානුවන්ට කාල විරාමයක්
546

Views
සඟවාගෙන සිටින වත්කම් හෙළිදරව් කිරීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට වැසියන්ට මේ මස 30 වන දා දක්වා කල් ලබාදී තිබෙනවා.

එහිදී ඔහු විශේෂයෙන් සඳහන් කළේ බෙනාමි ගිණුම් ලෙස පාකිස්තානයේ ක්‍රියාත්මක වන වත්කම් හෙළිදරව් කර ගැනීමට එමගින් අපේක්ෂා කරන බවයි.

බෙනාමි යනු කිසිවෙකුගේ වත්කම් අයිතියේ වෙනසකින් තොරව තුන් වන පාර්ශවයක් සන්තකයේ රදවා ගැනීමයි.

රට මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක ආර්ථිකය ගොඩගැනීම සඳහා සියල්ලන් එක් කර ගැනීමට මෙම පියවර ගන්නනා බව අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කළා.

බදු නොගෙවන තුන් වන පාර්ශවයේ ගිණුම් මගින් පාකිස්තාන රජයට වාර්ෂිකව රුපියල් බිලියන 4000ක ධනයක් අහිමි වන බව ද ඔහු කියා සිටියා.

ජුනි 30 වන දා වන විට එලෙස වත්කම් හෙළි නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top