%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 June 2019 - 12:41
රිෂාඩ් සහ සාලිට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්
246

Views
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද උදෑසන පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ කමිටුවට පැමිණිල්ලක් භාර දෙනු ලැබුවා.

මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව චෝදනා 16 ක් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව චෝදනා 3 ක් යටතේ මෙම පැමිණිලි ගොනුකළ බවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට මෙන්ම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි භාර ගැනීම අදින් අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව ඔවුන්ට එරෙහිව තවත් පැමිණිලි ඇත්නම් පස්වරු 4 දක්වා ඒ සඳහා පත් කළ කමිටුවට ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.

ඊයේ දිනය වන විට පැමිණිලි 11ක් එම කමිටුවට ලැබී තිබූ අතර, ඉන් 7ක් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිවයි ඉදිරිපත්ව ඇත්තේ.

හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලිට සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට එරෙහිව පිළිවෙලින් පැමිණිලි 3ක් සහ එක් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව වයඹ පළාතේ සියලූම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට අද දහවල් විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.

එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා 10 ක් යටතේ ඔහුගේ ප්‍රජා අයිතිය ද අහෝසි කළ යුතු බවයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අද උදෑසන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ද අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top