Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
Wednesday, 12 June 2019 - 12:51
විසදුම් නොලැබුනහොත් ලංගම ජාතික සේවක සංගමයේ වර්ජනය අඛණ්ඩව
363

Views
වර්ජනයේ නිරත ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයින් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද පස්වරුවේ පැවත්වීමට  නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ ඉදිරිපිට උපවාසයෙන් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් වර්ජනයේ නිරත වන්නේ සිය ඉල්ලිම් සදහා විසදුමක් ලබා ගැනිමේ අරමුණීන්.

මේ වන විට උතුරු - නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවල වර්ජනය ක්‍රියාත්මක අතර අද පස්වරුවේ පැවත්වෙන සාකච්ජාවේදි සාර්ථක විසදුමක් නොලැබුන හොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දැඩි කරන බවයි ලංගම ජාතික සේවක සංගමයේ සමාජිකයෙකු සදහන් කලේ.

මේ අතර, මීගමුව, මහරගම, අකුරැස්ස, බිබිල ඇතුලූ ඩිපෝ 10 ප්‍රධාන ෙදාරටු වසා දමා සේවා කටයුතු වලට බාධා වන අයුරින්  වර්ජනයේ නිරත සේවකයින් කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ප්‍රකාශ කලා.

වර්ජනයක් ක්‍රියාත්මක ධාවන කටයුතුවලට එය බාධාවක් වී නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කලේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top