Hirunews Logo
%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
Wednesday, 12 June 2019 - 12:58
තේරීම්කාරක සභාව කාල සීමාව අවසන් වනතෙක් - පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එන්.සුමන්දිරන්
940

Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව නියමිත කාල සීමාව අවසන් වනතුරු පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි එහි සාමාජිකයෙකු වන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.

ඔහු කියා සිටියේ ඒ අනුව, මාස 3 ක කාලයක් මෙම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව රැස්වනු ඇති බවයි.

කිසිදු හේතුවක් මත මෙවැනි තේරීම්කාරක සභාවක් මගින් සිදුකරනු ලබන කැදවීමක් නොසලකා හැරීමට රාජ්‍ය නිලධාරින්ට නීතිමය හැකියාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සොයා බැලීම සදහා පත් කළ තේරීම්කාරක සභාව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් පිහිටුවනු ලැබූ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් එය සමන්විතයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට අනුව, පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබූවද, මෙවැනි කාරක සභාවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හෙට පස්වරු 2 යළි රැස්වීමටයි නියමිතව ඇත්තේ.

හෙට දිනයේ එම කාරක සභාව හමුවට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ සාමාජිකයෙකු ද වන හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් කැදවා තිබෙනවා.

මේ අතර, ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් වෙනුවට වැඩබැලීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ අමාත්‍යවරුන් සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබුණු බව ජාතික පුවත්පත් අද වාර්තා කළා.

එලෙස යෝජනා කර තිබුණේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාරයි.

කෙසේ වෙතත්, පසුව අදාළ අමාත්‍යාංශවල නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් වැඩබලන අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් අප කළ විමසීමකදී සදහන් කළේ අදාළ අමාත්‍යාංශවලම නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍ය ධුරවල වැඩබැලීම සදහා මෙලෙස පත් කර ඇත්තේ ඇති කර ගත් එකඟතාවයකින් පසුව බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top