%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Wednesday, 12 June 2019 - 13:06
යුරෝපා රටවල තානාපතිවරු අරලියගහ මන්දිරයට
999

Views
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටතුල උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා යුරෝපා රටවල මෙරට තානාපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා. අද පෙරවරුවේ මෙම හමුව සිදුවුණේ අරලියගහ මන්දිරයේදීයි.

මෙහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුල උද්ගත වූ තත්ත්වය සහ ඊට අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා තානාපතිවරු දැනුම්වත් කර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැබෑ ත්‍රස්තවාදීන්ට දඩුවම් කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොලිසියට සහ නීතිපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

පොලිස් සහ නිතීපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අතර එම සාකච්ජාවට අමාත්‍යවරුන් වන තිලක් මාරපන සහ තලතා අතුකෝරාල ද එක්ව සිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැබෑ ත්‍රස්තවාදීන්ට දඩුවම් කිරීමට සහ සුළු වැරදිවලට සම්බන්ධවූවන් මුදා හැරීමට අදාලව කටයුතු කරන ලෙසයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top