Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 12 June 2019 - 20:00
කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසු යළි විවෘත වෙයි
2,043

Views
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද යළි විවෘත කෙරුණා.

ඒ, එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 52 කට පසුවයි.

පාස්කු ඉරුදින හිරු උදාවත් සමඟ ලෝකවාසින් මෙන්ම මෙරට කිතුණු බැතිමතුන්ද සිය ගම් ප්‍රදේශවල දෙවස්ථාන කරා ඇදුනේ ජේසුස් වහන්සේගේ උත්ථානය සැමරීම සඳහායි.

එහෙත් එකි සතුටු නෙත් කඳුළින් පිරී යාමට ගතවුයේ හෝරා කිහිපයක් පමණයි.

අන්තවාදි ත්‍රස්තවාදි කණ්ඩායමක සාමාජිකයෙකු කුරිරු ප්‍රහාර මාලාවක ප්‍රධාන ඉලක්කයක් ලෙස එදින පෙගව 8.45ට පමණ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ බෝම්බයක් පුපුරාගනු ලැබුවේ දෙවියන් වැඩ සිටි පුදබිමක් මොහොතකින් ලේ විලක් බවට පත් කරමින්.
 
ත්‍රස්ත ප්‍රහාරයෙන් මිල කළ නොහැකි මිනිස් ජීවිත සිය ගණනක් අහිමි වන විට ඊට කලකට ඉහතදි අළුත්වැඩියා කර අවසන් කර තිබු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරට ද දැඩි ලෙස අලභානි සිදුවුණා.

ප්‍රහාරයෙන් පසු දිනෙන් දින සමස්ථ සමාජය කඳුළු අතරින් යළි නැගි සිටිද්දි ශ්‍රි ලංකා නාවික හමුදාව ප්‍රහාරයෙන් හානි සිදුවු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර යළි ගොඩනැගීමට ඉදිරිපත් වු අතර විවිධ පාර්ශ්ව ඒ සඳහා මුල්‍යමය සහ ද්‍රව්‍යමය අනුග්‍රහය දැක්වුවා.

රටක් ලෙස නැවත නැගී සිටිමට ගත් උත්සහයේ එක් ප්‍රතිථලයක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර අද දින පස්වරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් විසින් ආසිරි ගන්වා යළි විවෘත කරනු ලැබුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top