Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%B3+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
Thursday, 13 June 2019 - 7:29
ඉන්දියාව දෙවන වරට සඳ මත මෙහෙයුමකට සැරසේ
646

Views
සඳ මතුපිට චන්ද්‍ර යානයක් මෘදු ලෙස පතිත කිරීම අරමුණු කරගත් චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන මස සිදුකිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට එම යානය සඳ මත ගොඩබස්සවනු ඇති.

මීට පෙර මෙම මෙහෙයුම සිදුකිරීමට නියමිතව තිබුණත් තාක්ෂණික ගැටළු හේතුවෙන් කල් දැමූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එය මෙවර සාර්ථක ලෙස සිදුවුවහොත් සඳ මත චන්ද්‍ර යානයක් මෘදු ලෙස ගොඩබැස්සවූ සිව්වැනි රට වීමේ අවස්ථාව ඉන්දියාවට හිමිවනවා.

ඉන්දියාව ප්‍රථම සඳ මෙහෙයුම සිදුකළේ 2008 වසරේ වන අතර, චන්ද්‍රයාන් - 01 නැමති යානය  සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමට අසමත් වුණා.

1966 පෙබරවාරි 3 වනදා සෝවියට් සංගමය මුලින්ම සඳ මත මෘදු යානා පතිත කිරීමක් සිදුකළ අතර, ඇමරිකා එක්සත් ජනපදය 1966 ජූනි 2 වනදා එම ඉලක්කය ජයගත්තා.

2013 වසරේ දෙසැම්බර් 14 වනදා එම ජයග්‍රහණය අත් කරගැනීමට සමත්වූයේ චීනයයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
සිංහයන් ලැබූ සුපිරි ජයග්‍රහණයේ ඡායාරූප පෙළ මෙන්න - (ඡායාරූප)
Wednesday, 05 June 2019 - 17:09
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගේනිස්ථාන අතර ඊයේ කාඩිෆ් හිදී පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 34කින් ජය ගැනීමට... Read More
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top