%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
Thursday, 13 June 2019 - 9:12
පෙම්වතාගේ පිහි ඇණුමකින් කැළණිය සරසවියේ සිසුවියක් රෝහලේ
10,372

Views
කැළණිය විශ්වවිද්‍යාලය අසළ අද උදෑසන සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලැබූ කළමණාකරණ පීඨයේ පළමු වසර සිසුවිය රාගම ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ 21 හැවිරිදි මෙම සිසුවියගේ තත්ත්වය බරපතල නොවන බවයි.

කැළණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන මාර්ගයේදී මෙම පිහි ඇණුම සිදුවූයේ අද උදෑසන කාලයේදියි.

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් වෛද්‍ය සිසුවියගේ 22 හැවිරිදි පෙම්වතා මෙම පිහි ඇනුම සිදුකර තිබුණා.

ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, පිහි ඇනුමට ලක්වූ ගාල්ල මාම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සිද්ධියෙන් අනතුරුව කිරිබත්ගොඩ පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

පිහි ඇණුම සිදුකරන අවස්ථාවේ සැකකරු සන්තකයේ පෙට්‍රල් පිරවූ බෝතලයක් ද තිබී ඇති බවයි වාර්තාවන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top