Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%AD%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
Friday, 14 June 2019 - 16:01
ජනපති, තජිකිස්ථාන ජනපති හමුවෙයි - විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීමට අවධානය
394

Views
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එරට ජනාධිපති එමමොලි රහුමාන් හමුවුණා.

ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ සදහන් වන්නේ එහිදී ඵළදායි අදහස් හුවමාරුවක් සිදුවූ බවයි.

ගැටුම් වැළැක්වීම, කුඩා රටවල ආරක්ෂාව සහ විශ්වාසය ගොඩනැගීම යන කරුණු පිළිබදව තජිකිස්ථාන ජනාධිපතිවරයා විශේෂ අදහස් දරන්නෙකු බව ද එහි දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගන්වා ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලියේ දී ලෝකයේ සියලූ රටවල් සමග සමීපව හා මිත්‍රශීලිව කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් (Emomali Rahmon)  සමග පැවැති සාකච්ඡාවකදීයි.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව සඳහා සහභාගීවීමට ටජිකිස්ථානයට ගිය ජනාධිපතිවරයා සිය සංචාරයේ පළමු කාර්යය ලෙස ටජිකිස්ථාන ජනාධිපතිවරයා සමග හමුවකට එක්වී තිබෙනවා.

දුෂාන්බේහි පිහිටි  ජනාධිපති මන්දිරයේදී හමුව පැවති අතර එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමට දෙරටම කැපව සිටින බැවින් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දෙපළ සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කෙරුනු බව සඳහන්.

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද සාකච්ඡා වී තිබෙනවා.

ටජිකිස්ථාන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ටජිකිස්ථානය අතර පවතින මිත්‍රත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මෙම සංචාරය සමග වඩා තහවුරු වන බවයි.

ඉදිරියේ දී දෙරට අතර වඩා සමීප සබඳතාවයක් ගොඩනැගෙනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ ටජිකිස්ථාන ජාතික කෞතුකාගාරයේ ද සංචාරයක නිරත වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top