%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
Friday, 14 June 2019 - 16:22
මාලදිවයින් කථානායකවරයා දිවයිනට
332

Views
මාලදිවයින හිටපු ජනාධිපති මෙන්ම එරට පාර්ලිමේන්තුවේ වර්තමාන කථානායකවරයා වන මොහොමඩ් නෂීඩ් අද (14) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔහු සමඟ එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 49 දෙනෙක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 102 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔහු ඇතුළු දූත පිරිස දින තුනක් මෙරට රැඳී සිටීමට නියමිත අතර ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත මෙම පිරිස දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම පිරිසට අමතරව මාලදිවයින් පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයේ සහ තවත් නියෝජිතයින් පිරිසක් අද (14) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top