Hirunews Logo
%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+26+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
Friday, 14 June 2019 - 17:09
ඇවන්ගාඩ් නඩුව ගැන අභියාචනාධිකරණ තීන්දුව ජූලි 26 වනදා
609

Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 26 වනදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා.

ඒ, එම චෝදනාවලින් තමාව නිදොස් කොට නිදහස් කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුණ ඔබේසේකර හමුවේ කැදවූ අවස්ථාවේදියි.

මේ අතර, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය සහ අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් දෙක පිළිබද තීන්දුව ලබන 18 වනදා ලබාදෙන බව ද අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top