%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 14 June 2019 - 18:47
ජනපති කොමිසම හිස්බුල්ලාගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කරයි
1,051

Views
මඩකලපුව - පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියක් හිමිව නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ 2015/2018 වර්ෂවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයාගෙන් කොමිසම පැය තුනහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත්තා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඊයේ සාක්ෂි ලබාදුන්නා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top