%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 14 June 2019 - 20:23
රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම් ගැන චක්‍රලේඛය තමා දැනුවත්ව නිකුත් කළ එකක් බව විෂය භාර ඇමති කියයි
533

Views
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රජයේ නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නිකුත් කළ චක්‍රලේඛය තමා දැනුවත්ව නිකුත් කළ එකක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මතභේදාත්මක තත්ත්වයක්ද ඇති වුණා.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියට ඊයේ කැඳවා තිබුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේගජේග රත්නසිරි සහ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන්වයි.

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශලේකම් වරයා සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී කාරක සභාවේ සාමාජිකයින් සහ ලේකම්වරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍ර ලේඛයක් සම්බන්ධයෙන්.

මේ අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේ අදාල චක්‍රලේඛය තමා දැනුවත්ව නිකුත් කළ එකක් බවයි.

මේ අතර ඊයේ පැවැති මෙම සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් අද විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top